පාසල් ජීවිතේ මුණගැහෙන අවසාන කඩයිම තමයි අ.පො.ස. උසස්පෙළ එහෙමත් නැත්තම් අපි කියනවා G.C.E. Advanced level examination කියලා. මෙතනින් එහාට තමයි ඔබේ මගේ අපි හැමෝගෙම ජීවිතේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. එක්සෑම් එක පාස් වුණත් එක්සෑම් එක ෆේල් උනත් එතනින් එහාට ඔයා කොහොමද ඔයාගේ ජීවිතේ අනාගතය ගොඩනගා ගන්නේ කියන දේ ගැනයි අද අපි ඔයාට කියලා දෙන්නේ.
ඔයාගේ සාමාර්ථය මොකක් වුණත් මේ ලිපිය ඔයාගේ අනාගතය හරියට හොයාගන්න ඔයාට පාර කියාවි. අපිත් එක්ක දිගටම එකතුවෙන්න.
GCE A/L is the final milestone in school life. From here on, the future of your life will be decided. Today we are going to tell you about how you can build the future of your life even if you pass the exam or fail the exam. Join with us to define your future.
01. ඔබ හරිම දේ තෝරගත්තද ?
Did you choose the right thing?
පාසල් සිසුවෙක් හෝ සිසුවියක් විදිහට ඔයාට ඔයා ආස දේ කරන්න සමහර විට පොඩ්ඩක් අපහසු වෙන්න ඇති. දෙමාපියන්ගේ , ගුරුවරුන්ගේ බල කිරීමට ඔයාට දේවල් තෝරගන්න සිද්ධ වෙන්න ඇති. ඒ තෝරාගැනීම් සමහර වෙලාවල් වලට ඔයාගෙම ප්‍රශ්න කිරීම් වලට ලක් වුණත් ඔන්න දැන් මේ අවස්ථාව ඔයාගේ.
As a school student, it may be a little difficult for you to do what you love. You may have to choose things because of the pressure of parents and teachers. Even if those choices have been questioned by you at times, now is your chance.
මුලින්ම,
ඔබ කැමති මොනවටද ? ඔබට අවශ්‍ය රැකියාව මොකක්ද ? මෙන්න දේවල් හරියටම තීරණය කරන්න. මොකද මෙතනදි ඔයා වැරදි තෝරාගැනීමක් කලොත් ඔයාට මුලු ජීවිත කාලය පුරාවටම ඒ ගැන පසුතැවෙන්නට සිදුවේවි. තෝරාගැනීම් වෙනුවෙන් ඔයාට උදව්වක් අවශ්‍ය නම් ඔයාගේ ගැටලුව studyway.lk FB group අපේ ෆේස්බුක් සමූහය වෙත ඉදිරිපත් කරන්න එහෙමත් නැත්තම් studyway.lk අපේ ෆේස්බුක් පිටුව හරහා හෝ අපේ වෙබ් අඩවිය හරහා අපිත් එක්ක එකතුවෙන්න.
What do you like? What job do you want? Here's how to get things right. Because if you make a wrong choice here, you will regret it for the rest of your life. If you need help with selections, submit your problem to our studyway.lk FB group or join us through our studyway.lk Facebook page or our website.
02. ඉගෙන ගන්නවද ? රැකියාවක් කරනවද ?
Study or Doing a Job?
කෙනෙක්ට රැකියාවකට යොමුවෙන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා, පලවෙනි එක උසස් පෙළ අවසන් කරල ආධුනිකයෙක් විදිහට රැකියාවක් කරන්න පටන් ගන්න එක. දෙවෙනි එක තමයි ඔබ රැකියාව කරන්න කැමති ක්ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය ලබලා ඒ සුදුසුකම් එක්ක රැකියාවකට අයදුම් කිරීම, එහෙමත් නැත්නම් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ රැකියාවක් කරන අතරේම අධ්‍යාපනයත් ලැබීම. මේ ඕනම විදිහකට ඔබට රැකියාවක යෙදෙන්න පුලුවන්. හරිම ක්‍රමය පහසුම ක්‍රමය ඔබ තෝරගන්න.
03. ඉගෙන ගන්නේ කොහෙද ?
Where do you study?
ඔබට තවදුරටත් උසස් අධ්‍යාපනය ලබන්න අවශ්‍ය නම් ඔබේ උසස්පෙළ ප්‍රතිඵල මත ඔබට පුලුවන් රජයේ විශ්ව විද්‍යාලයක හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක එහෙමත් නැත්තම් open university එකෙහි හෝ නැත්නම් රජයේ පිලිගත් පුද්ගලික ආයතනයක හෝ මේ ඕනම විදිහකට ඔබට ඉගෙනීම ආරම්භ කල හැකියි. මේ ගැනත් හරියටම තොරතුරු දැනගන්න ඔබට පුලුවන් studyway.lk අපේ වෙබ් අඩවියත් එක්ක එකතුවෙන්න.
If you want to pursue higher education, you can start studying in a government university or a private university or an open university or a private institution recognized by the government or in any of these ways based on your Advanced Level results. You can join our website studyway.lk to know the exact information about this.
04. ප්‍රතිඵලය මොකක් උනත් ?
Whatever the result?
ඔබ නැවත වතාවක් විභාගය ලියන්න තීරණය කරනවා නම් එතනදිත් ඔබට හරිම තෝරාගැනීම හරියටම සිදු කරන්න වෙනවා.
ඒ ප්‍රතිඵලය කොහොම උනත් නොසැලී ඔබේ ගමන ඉදිරියට අරන් යන එක ඔබේ වගකීමක් ඒ නිසා උත්සහයෙන් මහන්සියෙන් ඔබේ අරමුණ වෙත පියනගන්න. ඔබේ සහයට studyway.lk අපි හැමදාමත් ඔබේ ළඟින්.
ඔබේ හෙට දවසට ජය !
If you decide to write the exam again, you have to be very selective. Regardless of the result, it is your responsibility to continue your journey without wavering, so try hard to reach your goal. Studyway.lk is always with you for your support.
Best of luck !
Explore Courses in Sri Lanka
Click here to find After A/L courses in Sri Lanka
Click here to find What you can do after A/L Exam
Click here to find උසස් පෙළින් පස්සේ ජීවිතේ ට මොකද වෙන්නේ ? What Should I Do After A-Levels?
Find Private Universities in Sri Lanka to start your future course today
Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.
Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details
Call 0117662626
CA Sri Lanka - The Institute of Chartered Accountants of Sri Lanka
Latest Intakes
Courses