ජීවිතේ තවත් එක කඩයිමක් ඔයා ඉවර කලා නේද ? හිතට සැහැල්ලුවක් සැනසීමක් දැනෙනවා ඇති. හැබැයි ඉක්මනින්ම ඔයා ඔයාගේ ඊළඟ පියවර වෙනුවෙනුත් ලෑස්ති වෙන්න අමතක කරන්න එපා. මොකද ඔයාට නාස්ති කරන්න තරම් කාලයක් ඉතුරු වෙලා නැහැ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉවර කරපු ඔයාට මුණගැහෙන ඊලඟ කඩයිම තමයි අ.පො.ස උසස්පෙළ විභාගය. ජීවිතේම වෙනස් කරන මේ කඩයිමට ඔයා හොඳ අවබෝධයකින් යුතුව මුහුණ දිය යුතු වෙනවා. ඉතින් අපි මේ කියන්න හදන්නේ ඔයා කොහොමද අ.පො.ස. උසස්පෙළ විභාගයට සූදානම් වෙන්න ඕන කියන එක. අවසානය වෙනකම්ම කියවන්න අමතක කරන්න එපා.
After finishing the General Level Exam, the next big step is the GCE Advanced Level exam. This is a crucial time that requires good preparation and understanding of your goals. So, it's important to check how ready you are for this important event.
01. මම කවුද?
ඕලෙවල් විභාගය ඉවර කලාම ඊලඟට එන ප්‍රශ්නේ තමයි ඒ ලෙවල් වලට මොනවද කරන්නේ කියන එක. මෙතනදි ඔයා හරි අවබෝධයකින් ඔයාගේ විෂය ධාරාව තෝරගන්න ඕන මොකද එහෙම නැති ඒක ඔයාගේ මුලු ජීවිතේටම බලපාන කාරණාවක් වේවි. ගොඩක් දෙනා මෙතනදි තමන්ට පුලුවන් මොනවද ? , තමන් ආස මොනවටද කියන කාරණාව පසෙකලා තෝරාගැනීම් වලට යොමු වෙනවා. තවත් සමහරු දෙමාපිය බලකිරීම් නිසා අකැමැති විෂය ධාරාවන් ඉගෙන ගන්න යොමුවෙනවා. ඉතින් , මොන දේ කොහොම වුණත් තමන්ගේ අනාගතයට ගැලපෙන තමන්ට පුලුවන් ,ගැලපෙන දේ තෝරගන්න එක ඔයාගේ වගකීමක්
Once you're done with the O-level exam, you might wonder, "What's next?" This is when you need to think carefully about which subjects to choose, as it can have a big impact on your future. Even though there may be pressure from family or your preferences, it's up to you to figure out the best path for yourself
02. විෂය ධාරාවන් මොනවද ?
ප්‍රධාන වශයෙන් ඒ ලෙවල් කරන ඔයාට විෂය ධාරාවන් පහක් තියෙනවා. ඒ අනුව , විද්‍යා , ගණිත , වාණිජ , කලා සහ තාක්ශනවේදය යන විෂය ධාරාවන් අතුරින් ඔයාට අවශ්‍ය විෂය ධාරාව තෝරගන්න අවස්ථාව තියෙනවා. මේ විෂය ධාරාවන් ගැන හොද හැදෑරීමකින් පස්සේ ඔයාට ඔයා කරන සබ්ජෙක්ට් එක මොකක්ද කියලා තෝරගන්න පුලුවන්.
You'll have five main options to consider: Science, Mathematics, Commerce, Arts, and Technology. Each one offers different opportunities, so it's important to think about what you want and what you're good at. While it's helpful to get advice from older people or friends, remember that the final decision is yours and should be based on what you want
03. උපදෙස්
ගොඩක් වෙලාවට හරිම දේ තෝරගන්න එක ඔයාට තනියම කරන්න පුලුවන් දෙයක් නොවෙන්න පුලුවන් නමුත් ඔයාට පුලුවන් වැඩිහිටි අයගෙන් උපදෙස් අරගන්න. හැබැයි මෙතනදිත් ඔයා සැලකිලිමත් විය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි වැඩිහිටියන්ගේ කීමට නොව තමන්ගේ වුවමනාවට සහ අනාගතයට ගැලපෙන හරිම දේ තෝරගන්න. මොකද අකැමැති දෙයක් අපි කවදාවත් ආසාවෙන් ඉගෙන ගන්නේ නැති නිසා. ඒ වගේම තමයි ඔයාට පුලුවන් මීට කලින් ඒ ලෙවල් විභාගය සඳහා මුහුණ දුන්න අත්දැකීම් සහිත අයියලා අක්කලාගෙන් උපදෙස් ලබාගන්න. විශේෂයෙන්ම ඔයා කරන්න බලාපොරොත්තුවෙන සබ්ජෙක්ට් එක කරපු කෙනෙක් එක්ක කතාබහ කරලා උපදෙස් ලබාගන්න පුලුවන් නම් හුඟක් වටිනවා.
04. ගොඩක් වෙලාවට වරදින තවත් තැනක්
පාසල් ජීවිතේ යාලුවෝ කියන්නේ පණට පණ වගේ ඉන්න පිරිසක්නේ නේද ? අන්න ඒ නිසා ගොඩක් වෙලාවට ගොඩක් දෙනා තමන්ගේ කැමැත්ත සහ දක්ශතාව හරියට අදුර නොගෙන යාලුවා කරන නිසා යාලුවා තෝරගන්න සබ්ජෙක්ට් එක කරන්න පෙළඹෙනවා. හැබැයි මතක තියාගන්න කවුරු කොහොම මොනවා කලත් මුලදිත් මතක් කලා වගේම ඔයා ඔයාව අදුරගන්න.
Peer pressure can influence your choices, but it's important to focus on what you're interested in and what you're good at, rather than just following the crowd. If you only pick a path because it's popular, you might not be happy in the long run.
05. කැම්පස් පොත පෙරළලා බලන්න.
ඒ ලෙවල් ලියපු අයියා කෙනෙක් හෝ අක්කා කෙනෙක් හෝ ඉන්නවා නම් ඔයාට පුලුවන් එයාලගෙන් කැම්පස් පොත ඉල්ලගෙන බලන්න. ඒ කියන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් නිකුත් කරන පොත. එහෙම නැත්තම් ඔයාට පුලුවන් අන්තර්ජාලය හරහා හෝ මේ පොත ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේ හරහා ඔයාට පුලුවන් ලංකාවේ කැම්පස් ගැන , ඒවගේ තියෙන ෆැකල්‍ටි ගැන , ඩිග්‍රි , ඒවට ඇතුලත් වෙන්න අවශ්‍ය අවම සුදුසුකම් මෙන්න මේ වගේ දේවල් ගැන දැනගන්න. ඉතින් මේ දේවලුත් ඔයාට හරිම දේ තෝරගන්න උදව්වක් වේවි.
මේ දේවල් එක්ක ඔයාගේ තෝරාගැනීම හරිම විදිහට කරන්න ඔයාට අවස්ථාව ලැබේවි. ඒ වගේම ඔයාට studyway.lk වෙබ් අඩවිය හරහාත් ඔයාගේ අනාගතයට වැදගත් ගොඩක් දේවල් දැනගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අමතක නොකර අපේ ෆේස්බුක් පිටුවත් follow කරලා තියාගන්න.
There are resources available to help you make informed decisions, like campus books or websites such as studyway. lk. These can give you information about universities in Sri Lanka, the courses they offer, and what you need to get in, which can help you make the right choice for your future.
In summary, getting ready for the GCE Advanced Level exams means thinking carefully about what you want, making smart decisions, and being open to personal growth. By using the resources available and focusing on your own interests, you can set yourself up for a successful academic journey and a bright future.
ඔයාගේ අලුත්ම කඩයිම වෙනුවෙන් අපෙන් සුබ පැතුම් !
Best of luck!
Click here to find How to select A/L Subjects - What are the A/L Streams
Click here to find List of Advanced Level subjects
Click here to find Advanced Level Subjects in Sri Lanka
Click here to find Best A-Levels For University Courses
Click here to find Advanced Level Subjects Combination
Click here to find A/L වලට හරිම සබ්ජෙක්ට් එක තෝරගමු. Best Decisions for GCE Advanced Level Exams
Click here to find What A-Levels Do You Need to Study Architecture?
Click here to find Best A-Levels for Studying Architecture
Click here to find Best A-Levels for Studying Medicine
Click here to find What are the best A-level subjects for a Law degree?
Click here to find Best A Level Subjects for Law Degree
Find Private Universities in Sri Lanka to start your future course today
Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.
After O/L courses in Sri Lanka
Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details
Call 0117662626