ජීවිතේ කියන්නේ එක්තරා විදිහක ගමනක්. මේ ගමන ඇතුලේ ජය පැරදුම දෙකම අපට ලැබෙනවා වගේම තමයි අපිට මේ ගමන නොනවත්වාම යන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබේ ගමන නොනවත්වා බාධක ජය ගෙන ඉදිරියට යන්නේ කොහොමද ? ගැටලුවක් නේද ? ඔබේ ඒ ගැටලුවට හරිම විසඳුම අද අපි ඔබට කියන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ පාසල් ශිෂ්‍යයෙක් වුණත් , විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වුණත් , එහෙමත් නැත්තම් රැකියාවක් කරන කෙනෙක් උනත් ඔබේ සාර්ථකත්වයට මේ ටිප්ස් අනිවාර්යෙන්ම උදව්වක් වේවී !
සෑම විටම තමන් කරන කියන දේ පිලිබදව පැහැදිලි ඉලක්කයක් තබාගන්න. ඒ ඉලක්කය වෙනුවෙන් වැඩකරන්න
මම මුලදිත් සඳහන් කලා ඔබට ාඅපිට මේ ගමනෙදී ජය පැරදුම දෙකම ලැබෙන බව, ඉතින් මොන දේ කොහොම සිද්ධ වුණත් අමතක කරන්න එපා සෑම විටම ධනාත්මකව සිතන්න. '' ඔව් මට පුලුවන් '' කියන සිතුවිල්ලෙන් වැඩ කරන්න.
කාලය රන් හා සමාන බව ඔබ අහලා ඇතිනේ. අපේ ජීවිත වල ගොඩක් දේවල් තීරණය වෙන්නේ මෙන්න මේ කාලයත් එක්ක. කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න ඔබ අමතක කරන්න එපා. හැම විටම තමන්ගේ කාලය නිසි පරිදි කලමණාකරණය කරගැනීම වටින බව මතක තබාගන්න.
ඔබ කිසිවිටකත් සර්ව සම්පූර්ණ මනුස්සයෙක් නොවන වග මතක තබාගන්න. ඔබට බොහෝ දේ ඉගෙනීමට තිබෙනවා. කොතරම් කල් ගතවුනත් දිනපතාම ඔබට අලුතෙන් දැනුම එකතු කරගන්න. එය ඔබේ ගමනට වටිනාකමක් එකතු කරාවී.
ගොඩක් වෙලාවට සාර්ථකත්වය කියන්නේ පහසු ගමනක් නොවේ. මේ ගමනෙදී ඔබ පරාජය වෙන තැන් බොහෝ ඔබට මුණගැහේවී. එවිට ඔබේ පරාජය පිලිගෙන නැවත උත්සහ කරන්න.
මේ වගේ පුංචි දේවල් ටිකක් එක්ක ඔබට ඔබේ ගමන සාර්ථක කරගන්න පුලුවන්. මේ වගේ දේවල් දිගටම දැනගන්න studyway.lk අපිත් එක්ක එකතුවෙන්න.
ඔබේ සාර්ථකත්වයට මඟ කියන්න අප සූදානම්!