Articles

ඔබත් හොඳ නායකයෙක් ද ? How to become a good leader.


ඔබත් හොඳ නායකයෙක් ද ? How to become a good leader.

ඔබත් හොඳ නායකයෙක් ද ? How to become a good leader.

සාර්ථකත්වය යනු කැපවීම සහ වෙහෙස මහන්සිය , නායකත්වය මේ සියල්ලෙම එකතුවක් ඔබ අපි දන්නවානේ. ඒ සියල්ලේම එකතුවකින් ජයග්‍රහණය ලැබීම නියතයක් බව ඔබ පහුගිය දිනවල සියැසින්ම දකින්නට ඇති. කාන්තා ක්‍රිකට් 2024 ආසියානු කුසලානය දිනාගත් අපේ කාන්තා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට සමත් වුණේ ඇගේ ඒ නායත්වය ගුණාංග නිසාවෙනි. තරඟාවලියෙන් අනතුරුව ඇය තම කණ්ඩායම වෙත පවසන කාරණාව තමයි '' මේ අවසානය නොව ආරම්භයක් බව '' ඇත්තෙන්ම ඒ කතාව ඇතුලේ ඇය අපටත් හිතන්න යමක් ඉතුරු කරනවා. 

ජීවිතේ ලබන සමහර ජයග්‍රහණයන් ළඟ අපි ඕනෑවටත් වඩා සතුටු වෙනවාද නැත්නම් අපි ඉදිරියට ගමන් කරමින් ඒ හා සමාන හෝ ඊටත් වඩා වැඩි ජයග්‍රහණ අත් කරගන්නවාද යන්න අපි තීරණය කළ යුතු වෙනවා. ඒ වගේම තමයි '' චමරි අතපත්තු '' . ඇය තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අයුරු කවුරුත් අගය කල කාරණාවක් වුනා. සැබෑ නායකත්වයක් සතුවිය යුතු අංග ලක්ශණ කිහිපයක්ම පවතිනවා. නියම නායකයෙක් සෑම විටම තම කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටිනවා ඒ වගේම ඔවුන්ව නිසි මඟ පෙන්වීමක් සිදුකරනවා. පරාදවීම් , බිඳ වැටීම් හමුවේ නොවැටී තම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ද දිරි ගන්වමින් තමාගේ මනසද නොවෙනස්ව පවත්වා ගනිමින් කණ්ඩායම මෙහෙයවීමේ හැකියාව නායකයෙක් සතුවෙනවා. ජීවිතේදී කිසිම වෙලාවක පටු මානසිකත්වයකින් තොරව නිදහස් නිරවුල් මානසිකත්වයකින් දේවල් දිහා බලන්න පුරුදු වෙන්න. ඒ වගේම සෑම විටම නායකත්ව ගුණාංග ඉස්මතු කරගනිමින් තමන්ගේ අනාගත ගමන ගොඩ නඟා ගන්න. අන්න එතකොට ඔබටත් කාන්තා ක්‍රිකට් පිල වගේම දවසක ඔබේ මහන්සියේ ඵල නෙලා ගන්න අවස්ථාව ලැබේවි.


Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support